Spread the love

ජනවාරි මාසය තුළ රුපියල් කෝටි 1985ක එළවළු ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා කරුණු අතිශයෝතියෙන් හුවා දැක්වීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. මහ බැංකුව වාර්තාවක් පදනම් කර ගනිමින් එක්තරා මහචාර්යවරයකු සිදු කර ඇති ප්‍රකාශයකට අනුව අදාළ මාධ්‍ය වාර්තා සකස් කර තිබේ.

ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට එළවළ ආනයනය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 33.8ක් හෙවත් රුපියල් කෝටි 1050ක පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. එසේ ම අදාළ එළවළු කාණ්ඩයට පරිප්පු සහ ලූනු ද අයත් වන බව මහ බැංකු වාර්තාවේ ද පැහැදිල ව ම දක්වා තිබෙන අතර ආනයනය කර ඇති එළවළු අතරින් 90%ක් ඊට අයත් වන බවයි අමාත්‍යවරයා පවසන්නේ. මීට අමතරව එළවළු ලෙස ආනයනය කර ඇත්තේ සංචාරකයන් සඳහා අවශ්‍ය වන එහෙත් ශ්‍රී ලංකාවේ වගා නොකෙරෙන එළවළු වර්ග බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 2023 වසරේ ජනවාරි මසට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි මාසයේ දී 122.7%ක වර්ධනයක් අත් කර ගනිමින් සංචාරක කර්මාන්තය සුවිශේෂී පිබිදීමක් අත්කරගෙන ඇති මේ මොහොතේ ජන මනස අධෛර්යට පත් වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සාධාරණ නොවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.