Spread the love

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන සක්‍රීය දේශපාලන පක්ෂයක් බිම් මට්ටමේ සිදු කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල අනාවරණය වී තිබේ.මෙම සමීක්ෂණය තවමත් මූලික අදියරයෙන් පවතින අතර මෙහි දත්ත ද තවමත් මූලික අදියරේ පවතී.

මෙම සමික්ෂණයේ මූලික දත්ත අනූව 29%ක් – 31%ක් අතර පිරිසගේ කැමැත්ත ජනතා විමුක්ති පෙරමුණට හිමි වී ඇති අතර සමගි ජන බලවේගයට කැමැත්ත හිමි වී ඇති ප්‍රමාණය 19%ක් 23%ක් අතර බවයි වාර්තා වන්නේ.

මේ අතර වත්මන් ආණ්ඩුව වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට කැමැති පිරිස 9%ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට කැමති පිරිස 8%ක් ලෙස මෙම සමීක්ෂණයේ මූලික දත්ත අනාවරණය කරගෙන තිබේ.