Spread the love

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ආරම්භයේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන්නේ පසුගිය වර ඉදිරිපත් කරන ලද කාරණා බවයි.

කෙසේ නමුත් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ඉෂාක් රහුමාන් සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ රැඳී සිටියහ.