Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 17 සහ 18 පැවැත්වෙන සමුළුවකට සහභාගීවීම සදහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා  මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර චීන ජනාධිපති ෂී ජින් පිං සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය