Spread the love

ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඒකඟ වී 22 දින ගිවිසුමකට අත්සන් කිරීම සිදුවිය.

යාපනය සෙල්වා අනුස්මරණ ශාලාවේදී (22) දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අත්සන් කිරීම සිදුවිය.

උතුරු පලාත් හිටපු ප්‍රධාන අමත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ඊ පී අර් ඒල් ඒෆ් පක්ෂය, ප්ලෙට්, ටෙලෝ, ආදි වශයෙන් පක්ෂ 7 ක් මෙලෙස ගිවිසුම්ගතව ජනාධිපතිවරනය වෙනුවෙන් පොදු අපෙක්ෂකයෙකු ඉදිරිපත්කරන බවට නිවේදනය කෙට සිටියහ.

නාමයෝජන ලබාදීමෙන් පසුව පොදු අපේක්ෂකයා කව්රුන්දැයි යන්න නිවේදනය කිරීමට පියවර ගන්නා බවටද ගිවිසුමෙන් අනතුරුව පචාරක කමිටුවක්, මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඇතුලු දේශපාලනික ක්‍රියකරකම් සිදුකිරීමට අදාල පක්ෂ විසින් පියවර ගන්නා බවටද මෙහිදී පැවසීය.