Spread the love

ආණ්ඩුව ජනතාවට ලබාදුන් කෙටිකාලීන පොරොන්දු දින 100 ක් තුළ ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් මෙලෙස ඉහ​ළ ගියහොත් අලුත් අවුරුදු සැමරීමට නොහැකි තත්ත්වයක් මතුවන බවයි ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයාට තමන් ජනාධිපති ධූරයට පත්වී ඇති බව අමතක වී විපක්ෂයේ සිටින පුද්ගලයෙක් ලෙස කතා කරන බවත්, මන්ත්‍රීවරුන්ටද ආණ්ඩුවේ සිටින බව අමතක වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.