Spread the love

කුරුණෑගල නාරම්මල පොලිසිය අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පත් වී ලොරියේ රියැදුරු මිය යාමෙන් ප්‍රදේශවාසීන් විරෝධය පළකිරීම හේතුවෙනි.

පොලිසිය සඳහන් කරන්නේ ලොරි රථය අන නොතකා ධාවනය කළ අවස්ථාවේ දී පසුපස පැන්නු විට ලොරි රථයේ රියැදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇති බවය.

සිදුවීමෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිසිය වටකර එහි දේපළට ද හානිකර තිබේ.

තත්ත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් කණ්ඩායම් සමග පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට කටයුතු කර ඇත.