Spread the love

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා එකී කප්පම් මුදල් ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත

ඊයේ (16) පෙරවරු 7.10 ත් 9.00 ත් අතර කාලයේදී බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා තිබූ බව පොලිසිය කියයි.

එකී ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා දෙන ලෙසට සේවකයකුට දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.