Spread the love

ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරමින් සිටින අවස්තාවේ එම ජංගම දුරකථනයේ බැටරිය පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

හැටන් නගරයේ පිහිටි නිමි ඇදුම් වෙලදසැලක සේවකයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයේ බැටරිය දිගු වේලාවක් ක්‍රියා නොකරන බවට ඔහුගේ මිතුරෙකුට පරික්ෂා කරන ලෙසට (19) දින ජංගම දුරකථනය ලබා දි ඇත.

එම අවස්තාවේ ජංගම දුරකථනය පරික්ෂා කරමින් සිටින අවස්තාවේ ජංගම දුරකථනයේ බැටරිය එකවරම පුපුරා ඒ තුලින් ගින්නක් හටගන්නා ආකාරය කැමරාවේ සටහන් වි තිබුණි.

පිපිරිමෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති අතර, ජංගම දුරකථන අධික වේලාවක් චාජ් කිරිම හේතුවෙන් බැටරිය ඉදිමි පිපිරිමේ අවධානමක් පවතින බව ජංගම දුරකථන අලුත්වැඩියාකරුවන් කියා සිටියි.