Spread the love

2024 වසරේ සිට ජංගම දුරකථන හා උපාංග මිල විශාල ලෙස ඉහල යනු ඇති බව ජංගම දුරකථන ආනයනකරුවන් කියා සිටිති.

ජනවාරි පළමුවෙනිදා සිට වැට් බද්ද ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතු වී ඇත.

මෙතෙක් ජංගම දුරකථන සඳහා වැට් බද්ද ඇතුළත් කර නොතිබූ නමුත් ලබන වසර මුල සිට ජංගම දුරකථනද එම බද්දට යටත් කර තිබේ.

මෙම තත්ත්වය මත ජංගම දුරකථන හා උපාංග 18%කින් අවම වශයෙන් මිල ඉහළ යනු ඇති බවද ඔවුන් කියා සිටිති.