Spread the love

ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක්ි බරපතල තුවාල ලැබු පුද්ගලයකු දඹදෙනිය රෝහලට ඇතුළු කිරිමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බව සඳහන් වේ.

එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි