Spread the love


නිමල් රාජපක්ෂ-

ලෝක නගර දිනය නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහී දූ දරුවන් වෙත සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (14) සිදු කෙරිණ. ඒ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදි සිදු කෙරිණ.
ඔක්තෝම්බර් 31 වැනිදාට යෙදී තිබූ මෙවර ලෝක නගර දිනයේ තේමාව වන්නේ “සියලු දෙනා හට තිරසාර නාගරික අනාගතයක් සඳහා මුල්‍යකරණය” යන්නයි.
කාණ්ඩ තුනක් යටතේ මෙම චිත්‍ර තරගාවලිය පැවැත්විණ. 1-5 කණ්ඩය යටතේ “මම කැමැති නගරය”, 6-11 කාණ්ඩය යටතේ “අනාගත නගරය හා ප්‍රවාහනය”, 12-13 කාණ්ඩය යටතේ “බලශක්ති අර්බුදය හා තිරසාර නාගරීකරණය” යන මාතෘකා යටතේ චිත්‍ර සිතුවම් කිරීමට දරුවන්ට අවස්ථාව හිමි විය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, දූ දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදි 12-13 කාණ්ඩය යටතේ “බලශක්ති අර්බුදය හා තිරසාර නාගරීකරණය” සිතුවම් කරමින් ප්‍රථම ස්ථානය දිනාගත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ අරංගලගේ ලෝචන යසිත් සිසුවාට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ප්‍රසාද් රණවීර මහතා සහතික පත්‍රය ප්‍රදානය කලේ මෙසේයි.