Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නව අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් නිදහස් කර ඇත.

එළඹෙන (2023) තරගවාරය සඳහා චාමික ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු කොල්කටා කණ්ඩායමෙන් නිදහස් කර ඇත. ඒ අතරට කොල්කටා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස ක්‍රියා කළ පැට් කමින්ග්ස්ද ඇතුලත්වීම විශේෂත්වයකි.

ඊට අමතරව සිවම් මාවි, සෑම් බිලින්ග්ස් හා මොහොමඩ් නබී ද එළඹෙන තරගවාරයේදී නිදහස් කර ඇති අතර ඔවුන් එළඹෙන අයි.පී.එල්. වෙන්දේසියේදී යලිත් එම කණ්ඩායමට හෝ වෙනත් කණ්ඩායමකට ලබාගත හැක.

26 හැවිරිදි චාමික පසුගිය අයි.පී.එල්. වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 (රු. කෝටි 2.25) ක මුදලකට කොල්කටා කණ්ඩායම විසින් මිලදී ගත්තද ඔහු එහිදි කිසිදු තරගයකට ක්‍රීඩා නොකලේය.