Spread the love

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ අවලංගු කළ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටවුකින් වාර්තාවක් කැඳවා ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යොජනාවක් මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර වාර්තාව කැඳවා ඇත්තේ ඒ යටතේ ක්‍රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් ය.

එය ලැබීමෙන් අනතුරුව ව්‍යපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහතා ප්‍රකාශ කළේ ය. ‍

ජපාන මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට අයෝජනය කිරීමට සැලසුම් කළ මුදල ඩොලර් මිලියන 1800 කි.

මෙමගින් කොළඹ කොටුවේ සිට මාළඹේ දක්වා කණු මතින් දිවෙන මෙම සැහැල්ලු‍ දුම්රිය මාර්ගයට අතුරු දුම්රිය මාර්ග තුනක්ද ඉදි කිරීමට සැලසුම් කර තිබුණි.

අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, කොළඹ මාර්ග තදබදය අවම කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ව්‍යෘපෘතියෙන් අපේක්ෂා කළ බවයි.

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලඹේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.