Spread the love


නිමල් රාජපක්ෂ-

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන් ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම හෙට (19) මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

වන්දි ලබාදීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇත.

පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර ඉන්පසු ඇතිවූ අධික වර්ෂාව නිසා අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්වූ බවට හානි තක්සේරු කර ඇත.

මේ හේතුවෙන් වගා හානි කඩිනමින් මෙම වසර අවසාන වීමට ප්‍රථම ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

සාමාන්‍යයෙන් වගා කන්නයක දී සිදුවන වගා හානි සඳහා වන්දි ගෙවීමට වසරක කාලයක් ගත වූවත් මෙවර නියඟය නිසා සිදු වූ වගා හානි සුවිශේෂී අවස්ථාවක් සේ සලකා ලබා දිය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් දී ඇතිබේ.