Spread the love


නිමල් රාජපක්ෂ-

ප්‍රංශය, කැනඩාව හා ඇමරිකාවේ සිට තැපැල් මගින් ව්‍යාජ ලිපිනයන්ට එවා තිබු පාර්සල් රුපියල් මිලියන 60 වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සිදු කොට ඇත්තේ සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 7 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී .

පසුව මෙම පාර්සල් මහරගම හා පිලියන්දල යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබු වත් එම ලිපිනයන් ව්‍යාජ ලිපියනයක් බවට සනාථ කර ගැනීමෙන් පසුවයි. අදාල ලිපිනයන්හි කිසිවකුත් මෙම පාර්සල් බාර ගැනීමට නොපැමිනි හෙයින් කළ පරික්ෂාවකදී එහි තිබී එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 310 ක් හා kush නැමැති ගංජා විශේෂය 8 kg, අයිස් නැමැති මත් ද්‍රව්‍ය 8g හා mandy නැමැති මත්ද්‍රව්‍ය 310 g ප්‍රමාණයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාර දීමට නියමිතය.