Spread the love


නිමල් රාජප්ක්ෂ-

ඩොලරයේ මිල අඩු වීමට සමානුපාතිකව ගුවන් ප්‍රවේශපත්‍ර වල මිල ගණන් දැනට 20% කින් අඩුකර ඇති බවත් ,ඉදිරියේදි තවත් මිල අඩුකරන බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඩොලරයේ මිල අඩු වීමත් සමගින් තමා ශ්‍රී ලංකාවේ සිටින ගුවන් සේවා සමාගම් වල නියෝජිතයින්ගෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර මිල අඩු කරනලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව දැනටමත් 20% කින් පමණ ගුවන් ටිකට්පත් මිල අඩු කර අති බවත්, ඉදිරියේදී ගුවන් ටිකට්පත් වල මිල තවදුරටත් අඩු කිරීමට පොරොන්දු වූ බවත් නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන්සේවා සමාගම් වල නියෝජිතයින් සමඟ පැවති විශේෂ සාකාච්ඡාවකදී තව දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා ,
රටේ වත්මන් ආර්ථික අර්බුදය ක්‍රමක්‍රමයෙන් අඩු වීමත් සමගම සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා 07 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙම සාකච්චාවේදී හෙලි විය.
මෙහිදී ගුවන් සේවා සමාගම් වල නියෝජිතයින් පෙන්වා දුන්නේ දැනටමත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ යම් මගී තදබදයක් ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ භූමි මෙහෙයුම් ( Ground Handeling) වල යම් ප්‍රමාදයන් ඇති බවයි.
ඒ පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කල අතර භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපල සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහීදී පැවසීය.
ගුවන්යානා ඉන්ධන ලබා ගැනීම පිලිබඳව පැවති ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳා ඇති තරම් ඉන්ධන ලබා ගැනීමටත් ඉන්ධන සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කීරීමත් පිලිබඳව ගුවන් සේවා සමාගම් වල නියෝජිතයින් සිය ස්තූතිය මෙම සාකච්චාවේදී පල කලේය.
මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද, ගුවන්සේවා සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද සහභාගි විය.