Spread the love

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ.ඩී.එන් ජයවීර පත් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.