Spread the love

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් දරුනු ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි

ක්ෂණික මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන් හමුවේ ඉදිරිපත්වූ යෝජනාව සම්මතවූ අතර ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ

දින 22ක් පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් පෙරේදා රාත්‍රීයේ දී ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඔවුන් ගොඩබිම් මෙහෙයුම් ද තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවය.

ඔක්තෝබර් 07වනදා ප්‍රහාරයේ මෙහෙයුම් ප්‍රධානියෙකු මරා දැමුණු බවද ඊශ්‍රායලය පවසයි.

මේ වනවිට ගාසා තීරයේ දුරකතන සහ අන්තර්ජාල සබඳතා මුළුමනින් ඇණහිට තිබේ.

සති තුනක කාලයක් පුරා ක්‍රියාත්මක ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 7,000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස 19,000කට අධිකය.

මියගොස් ඇති දරුවන් සංඛ්‍යාව 3,000කට ආසන්න බව විදෙස් වාර්තාවල සඳහන් ය.