Spread the love

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව, හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.