Spread the love

ගවයින්ට සිදුකරන පීඩාවන් සහ ගව ඝාතනයන් වහාම නවතා දැමිය යුතු බවටත් ගව සම්පත සුරකිමින් ගව ඝාතනයන්ට ඒරෙහිවන ලෙස ඉල්ලා යාපනයේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

තෛයිපොන්ගල් දිනට පසු දින යෙදෙන පට්ටි පොංගල් දිනයේදී ගවයින් ආබරන හා සැරසිලිවලින් සරසා විශේෂ දේව මෙහෙයන් සිදුකිරීම තෙයිපොන්ගල් සමරන හින්දු ජනතාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබයි.

ඒයට සමගාමීව මෙවර යාපනය ගවයින් හා ඉඩම් සුරැකීමේ සංවිධානය විසින් පට්ටිපොංගල් දිනයදා ගව හිංසා සහ ගව ඝාතනයන්ට ඒරෙහිව යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ඒහිදී විරෝධතාවයේ නිරත වූවන් කියා සිටියේ ගවයා යනු සෑම නිවසකම සිටිය යුතු සම්පතක් වන අතර ඒහ උතුරු නැගෙනහිර ජනතාවට අත්‍යවශ්‍ය බැවින් ගවයාගෙන් ලැබෙන ප්‍රයෝජනයන් ආවර්ජනය කරමින් ගව හිංසාවන් සහ ගව ඝාතනයන්ට ඒරෙහිව සියලු ජනතාව පෙගැසිය යුතු බවටය.