Spread the love

අත්තනගලු ඔයේ ඉහළ ජලධහරා ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්වයක් නිර්මාණය වීමට හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවුලපිටිය ,මීරිගම ,අත්තනගල්ල ,මහර,ගම්පහ ,මිනුවන්ගොඩ ,ජා ඇල,කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ගංවතුර අවධානම පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ උරුවල් ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ ආශ්‍රිතව ද ගංවතුර අවධානම පවතියි.

ඒ හේතුවෙන් පහත්බිම් හරහා වැටී ඇති ඇතැම් මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතියි.

ඒ හේතුවෙන් එම මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.