Spread the love

තොරතුරු ලැබී තිබියදීත්, ගණේමුල්ල සංජීව ඝාතනය වීමට ඉඩ හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදුකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ගම්පහ අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතන තැත වැළැක්වීමට කටයුතු කිරීමෙන් පසු, ඔහු ඊළඟට අධිකරණයට ඉදිරිපත් කරන දිනයේදී ඝාතනය විය හැකි බවට අවබෝධ කර ගැනීමට ඕනෑම අයෙකුට හැකි බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට ද පාස්කු ප්‍රහාරයේදී මෙවැනිම බුද්ධි තොරතුරක් ලැබී තිබියදී කිසිදු පියවරක් නොගත් බවත්, කකුළුවා ඇදයට යනවා නම් පැටියා කවදාවත් කෙළින් නොයන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.