Spread the love


නිමල් රාජපක්ෂ-

යල කන්නයේ වගා කටයුුතු ඇරඹීමට පෙර රුපියල් මිලියන 500 ක වියදමකින් ගංවතුරින් හානියට පත් ඇලවේලි වහාම සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතාට උපදෙස් දෙයි.

පසුගිය මහ කන්නය තුළ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් මේ වනවිට ගොවි ජනතාවගේ පහසුව පිණිස ඉදි කළ කුඩා ඇළවේලි රැසක් විනාශ වී තිබේ.

මෙම කුඩා ඇළවේලී කඩිනමින් සකස් කර දෙන ලෙස ගොවි ජනතාව කළ ඉල්ලිම් කර තිබේ.

මෙම ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු යල කන්නයේ වගා කටයුතු ඇරඹීමට පෙර අවසන් කිරීමට තීරණය කර ඇත.