Spread the love

නිමල් රාජපක්ෂ-

තනමල්විල හම්බේගමුව ප්‍රදේශයේදී මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය ගංජා හේන් පහක් වටලා රුපියල් ලක්ෂ විස්සක් වටිනා ගංජා ගොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ (27)මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් හම්බේගමුව රක්ෂිතයේ ඉතා රහසිගතව කිසිවකුට සැක නොසිතෙන ලෙස කැලෑවෙන් වටවු ප්‍රදේශයක් ගංජා වගාව සිදුකරගෙන ගොස් තිබු බව නුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක ජයන්ත ආරියකුමාර මහතා පවසයි.


අඩි හතරක් පහක් උසට සරුවට වැඩුණු ගස් හා අඩි එකහමාරක් දෙකක් පමණ උසට වැඩුණු ගංජා ගස් සියල්ල ගලවා ගිනිතබා විනාස කිරිමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස් දෙනාට රුපියල් 50 000/ දඩ මුදලක් ගෙවන ලෙසත් වසර 5 කට අත්හිටවු මාස 3 ක සිරදඩුවමක්ද නියම කොට ඇත.

මධ්‍යම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ,මහනුවර සුරාබදු අධිකාරී නාලක මලවිපතිරණ මහතාගේ අධීක්ෂණයෙන් ,මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක එස්.එම්.ජයන්ත ආරියකුමාර මහතාගේ මෙහෙයවීමෙන් හා සහභාගිත්වයෙන්,  මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ  සුරාබදු පරීක්ෂකවරුන් වන කැකුලන්දර, චන්දන දිසානායක , සීමන්ත ආරච්චි සුරාබදු සැරයන් 872 අරවින්ද රත්නායක ,සුරාබදු කෝප්‍රල්වරුන් වන 671 උක්වත්ත සුරාබදු නියාමකවරුන් වන 1150 අසංක බණ්ඩාර 1177 අරුණ වීරකෝන් සහ සුරාබදු රියදුරුන් වන සුනිල් බණ්ඩාර සහ බුද්ධික සිරිල්වංශ යන නිළධාරීහු මෙම වැටලීම සිදු කළහ.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න