Spread the love

හම්බන්තොට සෆාරි උද්‍යානයේ සේවකයන් දෙදෙනෙකු ගංජා පැළ 32 ක් සමගින් අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් හම්බන්තොට සෆාරි උද්‍යානයේ සත්ව බාරකරුවන් ලෙස සේවය කරන බවත් ඔවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි නිළ නිවාසය අසල ගංජා වගාකර තිබූ බවත් පොලිසිය පවසයි .
ඊයේ (20) රාත්‍රි 8.30 ට පමණ සිදුකල වැටලීමකදී ගංජා සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් ඔක්කම්පිටිය සහ බෙලිඅත්තේ පදිංචි අවුරුදු 28, 30 වයසේ පසුවන තැනැත්තන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අම්බලන්තොට පොලිසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.