Spread the love

යාපනය වෙත්තිලකෝනි කඩෙයිකාඩු වෙරල ප්‍රදේශයේදී සිදුකල හදීසි සෝදිසි මෙහෙයුමකදී ජාවාරම් කරුවන් විසින් සඟවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කේරල ගංජා කිලෝ 53 ග්‍රෑම් 800 ක ප්‍රමාණයක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් වෙත්තිලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් කඩෙයිකාඩු වෙරල ප්‍රදේශයේ සිවිශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

මෙහෙයුම වෙරල ආසන්නයේ තිබූ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ පාර්සල් 15 ක් තිබී හමුවී සිදුකරන ලද පරික්ෂාවකදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් විසින් විකිණීම සඳහා රැගෙන යමින් තිබූ අදාල කේරල ගංජා තොගය මෙලෙස සඟවා දමා පලාගොස් ඇති බවට නාවික හමුදාව සැකපලකර සිටියි.

සොයාගත් මෙම කේරල ගංජා තොගයට ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගෙන ඇත.