Spread the love


නිමල් රාජපක්ෂ

කෝටි ගණන් වටිනා දුම්රිය යන් දෙකක් දෙමටගොඩ ජෝන් හෝලන්ඩ් දුම්රිය අංගනයේ දිරාපත්වීමට ඉඩහැර ඇති බැවින් බලධාරීන් මේ පිළිවදව දැඩි අවධානය යොමු කරන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස් .පි.විතානගේ මහතා පවසයි. මෙම දුම්රියයන් මෙසේ දිරාපත්වීමට කටයුතු කර ඇත්තේ කිසියම් අයතුගේ ඹ්නෑ එපාකම් මතද යන්න පරිික්ෂණයයක් පැවත්වන්නැයිද ඒ මහතා සදහන් කරයි.
චීනයෙන් ගෙන්වන ලද අධි සුඛෝපභෝගී දුම්රියක් සහ ”දුම්රියේ මනමාලිය” ලෙස හදුන්ව හිටාචි අධි සුඛෝපභෝගී දුම්රිය මේ වන විට කොළඹ දෙමටගොඩ ” ජෝන් හෝලනඩ්” දුම්රිය අංගනයේ දිරාපත්වීමට ඉඩහැර ඇති බව අනාවරණය වි තිබේ.
2019 වර්ෂයේ චීනයෙන් ආනයනය කර ඇති S- 13 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් මෙසේ දිරාපත්වීමට ඉඩහැර ඇත. අධි සුඛෝපභෝගී මැදිරි 10 කින් යුත් මෙම බලවේග කට්ටල දුම්රිය ධාවනයෙන් ඉවත්කරනු ලැබුවේ 2023 ජනවාරි මස සිට අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිම සඳහා දුම්රිය ධාවනය අත්හිටු වීම නිසාය.

මෙම දුම්රිය පෙ.ව. 5;45 ට කොළඹ කොටුව – කන්කසන්තුරේයි දක්වා ධාවනය වූ අංක 4021 දුම්රියට යොදා තිබූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ගෙනදුන් දුම්රියක් ද වේ. මෙම දුම්රියේ මැදිරිවල වායුසමන යන්ත්‍ර, ජෙනරේටර්ස්, ස්ටාර්ටර් මෝටර්ස්, ඕල්ටර්නේටර් මෝටර්ස්, බැටරි සහ සම්පූර්ණ වයර් පද්ධතිය ඇතුළු බොහෝ උපාංග සොරුන් විසින් කපා ගලවා ඉවත්කර ඇත.
කිසිදු සොයාබැලීමකින් තොරව හා ආරක්‍ෂාවකින් තොරව වසරකට ආසන්න කාලයක් කැලෑවෙන් වැසීයාම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දැවැන්ත හානියක් සිදුකර ඇත. විනාශයට පත්වී ඇති එක් මැදිරියක වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි 14 කට අධිකය.එමෙන්ම අනෙක් දුම්රිය, කාලයක් තිස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදාගත් දේශිය හා විදේශීය සංචාරකයින්ගේ ආශ්වාද ජනක දුම්රිය ගමන් සඳහා යොදාගත් “දුම්රියේ මනමාලිය” ලෙස විරුදාවලිලත් හිටාචි දුම්රියයි. ී – 5 වර්ගයේ එන්ජින් 04 ක් සහ අධි සුඛෝපභෝගි මැදිරි 08 ක් මෙසේ දිරාපත්වීමට ඉඩහැර ඇත. 717; 718; 719, 720 සහ 8063 8064 8065 හා 8066 දරණ මැදිරිමේ ආකාරයෙන් දිරාපත් වෙමින් ඇත.
කොරෝනා වසංගතය පැවති කාලසීමා තුළ මෙම දුම්රිය එන්ජින් සහ මැදිරි පාවිච්චියෙන් ඉවත්කර අනාරක්‍ෂිතව අංගනවල රඳවා ඇති අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට සහ දුම්රිය ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍යතාව තිබුනේනම්, ඒ සඳහා මෙම දුම්රිය එන්ජින් සහ මැදිරි යොදාගැනීමට හැකියාව තිබුණි; මෙම මැදිරිවල හා එන්ජින්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් බව ද පෙන්වා දෙමු .

එහෙත් අදූරදර්ශී දේශපාලනය සහ අකාර්යක්‍ෂම දුම්රිය කළමනාකරණය දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක අති විශාල ආර්ථික හානියක් සිදුකර ඇත.
“රජයේ සම්පත් සාවද්‍ය ලෙස හෝ අයථා ලෙස හෝ පරිහරණය කිරීම හෝ එසේ කිරීමට ඉඩ හැරීම හෝ අවධානයෙන් හෝ අනවබෝධයෙන් හෝ ඒවා විනාශවීමට හෝ වටිනාකම අඩුවීමට හෝ ඉඩහැර තිබීම ” විනය නීති සංග්‍රහයට අනුව බරපතල ගණයේ විෂමාචාරයක් වන බව පෙන්වා දෙන අතර, මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් මේ
දක්වා සිදුකර නොමැති බව ද පෙන්වා දෙමු; එසේ හෙයින් දුම්රිය දෙපාර්තමේන්තුව අගතියට පත්කිරීමට කටයුතු කරන, විනාශකාරී ආර්ථික ඝාතකයින් නිසි පරිදි හඳුනාගෙන, වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.