Spread the love


නිමල් රාජපක්ෂ-

රුපියල් කෝටි එකහමාරක් වටිනා හෙරොයින් තොගයක් සමගින් එක් සැකකරුවකු නාරාහේන්පිට ප්‍රදේශයේදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ ගැණුම් කරුවකු ලෙස වෙස්වලාගත් සුරාබදු නිලධාරියකු අදාල ව්‍යාපාරිකයා සමගින් කථාකොට හෙරොයින් තොගය මිලදී ගන්නා අවස්ථාවේ කොටුකර ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.එස්.පී.පතිරණ මහතා පවසයි.

ජාවාරම් කරුවන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට කාලයක් තිස්සේ මත්ජාවාරම ඉතා රහසිගතව කරගෙන ගොස් ඇතැයිද,මත්ජාවාරමේ මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවද මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෙරොයින් කිලෝ එකක් තිබු බවද සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.එස්.පී.පතිරණ මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කොට රක්ෂිත බන්ධානාගාර ගතකොට ඇති අතර සිද්ධිය පිළිබද මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වැඩි දුර පරික්ෂණ පවත්වයි..

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සුරාබදු අධිකාරි කේ.එස්.පී.පතිරණ මහතාගේ අධීක්ෂණයෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සුරාබදු ස්ථානාධිපති අනුර අලුත්ගේ මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු සැරයන් 773 සුදත් සිරිතුංග මහතා වෙත ලද තොරතුරක් මත ,සුරාබදු පරීක්ෂකවරුන්වන යු.කේ.එදිරිසිංහ ,ජී.ජී.ඒ.පී.ගමගේ, සැරයන් 773 සුදත් සිරිතුංග,සුරාබදු කෝප්‍රල් 864 ඒ.ඩබ්.එස්.ජානක, සුරාබදු නියාමක 1122 එච්.එච්.ඩී.ඩී.ඒ.හෙට්ටිආරච්චි , නියාමක රියදුරු සී.පී.දහනායක ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.