Spread the love

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා(29) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

29 වනදා පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුකරනු ඇත.

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටවන බව සඳහන් .