Spread the love

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා මේ වන විට ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන නන්දන ඉඳිපොලගේ මහතා පවසයි.

ඒ අනුව අද (15) බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබේ.

මීට අමතරව හෙට (16) සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.