Spread the love


නිමල් රාජපක්ෂ

කොළඹ ෆෝට් සිටි ( කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයේ ) හි ඇමරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ හුවමාරුව මධ්‍යස්ථානය ක් සර්ණාභරණ කෞතුකාගාරයක්,පර්යේෂණාගාරයක් හා ජාත්‍යන්තර වෙන්දේසි මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අමතිවරය එසේ පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරයා සීමාසහිත CZK Harui Economy and Trade Development (Beijing) Company Limited සමාගම සමග පැවැත්වූ සෘජු සාකච්චාවන්හි ප්‍රතිඵලයක් ලෙස ය .
සති කිහිපයක් ඇතුළත සමාගමේ උප සභාපතිනි සොෆියා ලි මහත්මිය ඇතුළු ඉහල පෙලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණියහ. ඔවුන් ඊයේ (03) පස්වරුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් හමුවීම කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේදි සිදුවිය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා චීනයේ පැවැති ආයෝජන ප්‍රවර්ධන සමුළු කිහිපයකට සහභාගි විය. එහදී මෙරට ආයෝජන අවස්ථා පිළිබදව චීන ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් දීර්ඝ ලෙස දැනුවත් කළහ.
චීන රජයේ හිමිකාරිත්වය සහිත මෙම සමාගම මේ වන විටත් බොහෝ රටවල විවිධ කේෂ්ත්‍රයන්හි ආයෝජන වල නිරතව ඇත. මෙරට රථ වාහන එකලස් කිරීම, බලශක්ති කේෂ්ත්‍රය ආදී අංශවලද ආයෝජනය පිළිබදව තම සමාගමේ අවධානය යොමු වී ඇතැයි CZK Harui Economy and Trade Development (Beijing) Company Limited උප සභාපතිනි සොෆියා ලි මහත්මිය පැවසුවාය. තාක්‍ෂණ හුවමාරුව සමඟින් ශ්‍රී ලංකාවට නව සන්නාම සූර්ය කුලී රථ පද්ධතියක් හඳුන්වා ඉලක්ක කර ගනිමින් සූර්ය බලශක්ති උත්පාදනය සහ ගබඩා කිරීමේ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැනි අංශවල තවදුරටත් ආයෝජන අවස්ථා අපේක්ෂා කරන බවද ලී මහත්මිය අවධාරණය කලාය.