Spread the love

කඩු, මුගුරු අරන් කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ හෝටලයකට ඊයේ (03) අලුයම ඇතුළුවූ පිරිසක් හෝටලයේ දේපළවලට හානිකර එහි සේවකයින්ටද පහරදී තිබේ..

හෝටලයේ භුක්තිය සම්බන්ධයෙන් අයිතිකරු සහ කුලීකරුවන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් පහරදීමට හේතුවී ඇති බව පොලීසිය පවසයි.

අලුයම 12.29 ට අදාළ ආයුධ සන්නද්ධ පිරිස හෝටලයට ඇතුලුවන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පිරිස හෝටලයේ දේ‍පොළවලට පහරදෙන අවස්ථාවේ එහි ආහාර ගනිමින් සිටී පිරිස කලබලවී පිටතට ගමන් කරන අයුරුද CCTV කැමරා දර්ශනවල සටහන්ව ඇත.

සිද්ධය සම්බන්ධයෙන් ආමර්වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.