Spread the love

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පස්වරු 5.00 සිට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් නිසා මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.