Spread the love

අද (29) උදෑසන කොළඹ වරායට සේන්දුවූ Mein Schiff-5 (මෙයින් ෂිෆ්-5) සුවිසල් අධිසුඛෝපභෝගී මගී නෞකාවේ මගීන් 2,534 දෙනෙකු සඳහා පහසුකම් සතුය.

එහි කාර්යමණ්ඩලය ලෙස 1,030 දෙනෙකු යෙදවිය හැකිය.

නෞකාව අද කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය (ECT) වෙත සේන්දු වූයේ සංචාරකයින් 2,000ක් පමණ සහ කාර්යමණ්ඩලය 900ක් සමගිනි.

මෝල්ටා ධජය යටතේ යාත්‍රා කෙරෙන මෙම නෞකාවේ දිග මීටර් 295.26කි.

එහි පළල මීටර් 36.24 ක් වන අතර ගැඹුර මීටර් 8.05කි.

TUI කෘස් සමාගමට අයත් මෙම නෞකාව සිය ප්‍රථම සංචාරය සිදුකර අත්තේ 2016 ජූලි 16 වනදා ය.

නෞකාවේ ශ්‍රී ලංකා නියෝජිත වන්නේ එයිට්කන්ස් ස්පෙන්ස් සංචාරක සමාගමට අනුබද්ධ හපග් ලොයිඞ් ලංකා සමාගමය.

ඕමානයේ මස්කට් වරායේ සිට පැමිණි නෞකාවේ එළඹෙන ගමනාන්තය වන්නේ හම්බන්තොට වරායයි.

ඉන් අනතුරුව නෞකාව මැලේසියාවේ පීනෑන්ග් වරාය බලා යාත්‍රා කිරීමට නියමිතය.