Spread the love

කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (15) සිට සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශුන්‍ය කොවිඩ් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි චීනය, ගෙවුණු වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ ඊට එරෙහිව රටපුරා මතුවූ විරෝධතා රැල්ලට ප්‍රතිචාර ලෙසය.

හෙට සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට විවෘත කෙරෙන්නේ ද කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසිනි.