Spread the love

දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

එහිදී මෙරට ආර්ථිකයට වැඩි උත්තේජනයක් ලබා දෙන භාණ්ඩ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳ සියලු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තීරණවලට එළඹෙන බව ද හෙතෙම සදහන් කලේය.