Spread the love

කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා වැඩි වශයෙන්ම ඉල්ලීම්කර ඇත්තේ දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් විසින් බව කෘෂිකර්ම හා ගොවිජන සේවා නිලධාරීහු පවසති.

දිවයින පුරා තිබෙන කුඹුරු ඉඩම් රැසක් වගා කටයුතු සඳහා යොදා නොගෙන ඒවායෙහි විවිධ සංවර්ධන කටයුතු කිරීමට යොදාගෙන ඇතැයි අනාවරණය වේ.

ප්‍රධාන මාර්ග දෙපස කුඹුරු ඉඩම් රැසක් කාලයක් තිස්සේ හිතා මතාම වගා නොකර පුරන්වන්නට ඉඩ හැර ඒවා විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සඳහා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

රටේ කිසිදු කුඹුරු ඉඩමක් ගොඩකිරීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී ඇත.

මින් පසු කිසිදු හේතුවක් නිසා හෝ කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නොදෙන ලෙස ඇමැති මහින්ද අමරවීර කෘෂිකර්ම හා ගොවිජන සේවා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

තවදුරටත් පුරන් කුඹුරු වී වගාව සඳහා අස්වැස්දීම ඵලදායක නොවන බැවින් එම ඉඩම් වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට පියවර ගත යුතු බවද ඇමැතිවරයා පැවසීය.