Spread the love

මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය කොපමණද සත්ව පරිභෝජනයට කොපමණද රට තුළ නිවැරදි දත්ත නැති බව වෙළඳ, සමූපකාර ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

සතුන් සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය සම්බන්ධයද තත්ත්වය එසේම බවත් ඔහු සඳහන් කළේය.

කුකුලන්ට සහල් ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඔවුන්ට සහල් විතරක් කෑමට දුන්නොත් කහ මදය සුදුවන බවද පැවසූ ඔහු රජය සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ගබඩාවක් පිහිටුවිය යුතු බවත් පවසයි.

එනිසා රටේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වැඩ කරද්දී මේ සියලු කාරණා ගැන සිතිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.