Spread the love

ජාතික ජනබලවේග රජයක් යටතේ අනුගමනය කරන්නේ මෙරටටම අදාළ ආර්ථික මොඩලයක් බවත් කියුබාවේ ආර්ථික මොඩලය මෙරටට අදාල නැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

කියුබාවේ ක්‍රමය කියු බවට අදාළයි. චීන ක්‍රමය චීනයට අදාළයි. රුසියාවේ ක්‍රමය රුසියාවට අදාළයි. ඒවා ලංකාවට අදාල නෑ.

එම රටවල්වල ක්‍රමයන්ම අපට ක්‍රමයන් අප අනුගමනය කරන්නේ නෑ. අපේ තිබෙන ආර්ථික සංස්කෘතික වටපිටාවට ගැලපෙන ලංකාවට ආවේණික ක්‍රමයක් අපි අනුගමනය කරනවා.

ලංකාවේ අද පවතින තත්ත්වයට අනුරූපණ ආකාරයට අපේ ආර්ථික දේශපාලනය මොඩලයක් සකසනවා.

අපි ආවොත් උතුරු කොරියාවේ කියුබාවේ ක්‍රමය කරාවි යැයි සමහරු කියනවා. එහෙම එකක් නෑ.

අපි ඇමරිකාව ඉන්දියාව චීනය ජපානය මැද පෙරදිග ම ආදි සෑම රටක් සමගම රාජ ප්‍රාන්තික සබඳතා පවත්වනවා. ලොකයේ සෑම රටක් සමඟම ගනුදෙනු කරනවා.

ඒ සියලු දෙනාම සහයෝගය මත අපටම අදාල ආර්ථික ක්‍රමයක් ගෙන යනවා. හුදෙකලාවේ තනිව නැගිටින්න කාටවත් කතාවක් නැහැ’