Spread the love


මාල දිවයිනේ සිට කටුනායක ගුවන් තොටුපල අතර කාල සටහනකට අනුව ගුවන් සේවාවන් ආරම්භ කිරීම ඊයේ ( 25 ) රාත්‍රියේ සිට සිදු වු බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.
ඒ අනුව මාලදිවයිනේ සිට රත්මලාන ගුවන්තොටුපල අතර පැවති කුලී ගුවන් ගමන් සේවාවන්ට අමතරව, A330 වර්ගයේ විශාල ගුවන් යානා දෙකක් සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රි 9.30 ට මාලේ සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව ඇත.
මෙම ගුවන් සේවාවේ ප්‍රථම ගුවන් යානය වන “මොල්ඩිවියන් එයාර් ”සමාගමේ Q2 940 යානය මගීන් 157දෙනෙකු රැගෙන ඊයේ රාත්‍රී 9.30 ට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි අතර එම මංගල ගුවන් ගමන සඳහා මාලදිවයින රජයේ ප්‍රවාහන සහ ගුවන්සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතාද සහභාගී වී සිටියේය.
එම ගුවන්යානයේ පැමිණී මගීන් සහ අමාත්‍යවරයා පිලි ගැනීම සඳහා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි අතර ප්‍රථම ගුවන් මෙහෙයුම සනිටුහන් කරමින් “ලෝටස් ” පරිශ්‍රයේ චාම් උත්සවයක් පවත්වන ලදී. එම උත්සව අවස්ථාවට ගුවන් සේවා සහ ගුවන්තොටුපල සමාගමේ සභාපති අතුල ගල්කැටිය සහ නවලෝක ගුවන් සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
මෙම ගුවන් සේවයේ ශ්‍රි ලංකාවේ නියෝජිතවරුන් වනුයේ නවලෝක ගුවන්සේවා සමාගමයි. ගුවන් ගමන් තොරතුරු සඳහා www.maldivian.aero හෝ නවලෝක ගුවන්සේවා සමාගමේ +94112325500 දුරකථනය ඇමතීමෙන් ලබා ගත හැකි බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි.

මෙහිදී කරුණු දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ : මාලදිවයින සහ ශ්‍රි ලංකාව අතර මෙම ගුවන් සේවාව ආරම්භ කිරිම තුළින් දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවගේ ව්‍යාපාරික කටයුතු වලට විශාල පහසුවක් සිදු වන බවයි. එමෙන්ම මාලේ වැසියන් විශාල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන බැවින් ඔවුන් සඳහා ද මෙම ගුවන් සේවාව මගින් විශාල පහසුවක් ලැබෙන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
මාලදිවයින ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා පැවසුවේ : මෙම ගුවන්සේවාව ආරම්භ කිරීම තුලින් දෙරටේ මිත්‍රත්වය තව තවත් තහවුරු වන බවයි. එමෙන්ම දෙරටේ සංචාරක කර්මාන්තය