Spread the love


නිමල් රාජපක්ෂ-

තුර්කියේ සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනකුගේ ශරීරයේ තුළ සගවා තිබි රුපියල් මිලියන 20 ක් වටිනා කොකේන් ගුලි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුගට ගෙන ඇත.

මෙම මෙම කාන්තා මගින් දෙදෙනා ගිනි ජනරජයට අයත් ජාතිකයෙකු වන අතර සියරා ලියොන් සිට තුර්කියේ ස්ථාන්බූල් හරහා Turkish air ගුවන් සමාගමට අයත් TK 730 නැමැති ගුවන් යානයෙන් උදෑසන 6 ට පමණ ශ්‍රී ලංකාවට පමිණ තිබේ. කාන්තාවන්ගේ වයස පිළිවලින් අවුරුදු 40ක් හා හතළිස් දෙකක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලිී අරුක්ගොඩ මහතා පවසයි.

කාන්තාවන් පරීක්ෂාවට ලක් කර නිලධාරීන් සිදු කරන ලද ශරීරය පරීක්ෂාවක් මගින් කාන්තාවන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ගුලි තම ශරීරය අභ්‍යන්තරයේ සඟවාගෙන තිබෙන බව තහවුරු කරගන්නා ලදී. ඒ අනුව කාන්තාවන් දෙදෙනාම තම ශරීරය අභ්‍යන්තරයේ තිබූ මත්ද්‍රව්‍ය ගුලි පිළිවලින් විසිනමයක් හා එකොළහක් බැගින් ඉවතට ගෙන තිබේ.
මේ වන විට ඉවතට ගන්නා ලද මත්ද්‍රව්‍ය ගුලි 40 හි බර ග්‍රෑම් 500 කට ආසන්න වේ. මෙම ගුලිවල කොකේන් නමැති මත්ද්‍රව්‍ය අඩංගු බවට නිලධාරීන් විසින් කරන ලද මූලික පරීක්ෂණවලින් තහවුරු කරගන්නා ලදී.

තවදුරටත් මෙම කාන්තාවන් දෙදෙනාගේ ශරීර තුළ මත්ද්‍රව්‍යගුලි ඇතැයි නිලධාරීන් සැකකරයි.
සැකකාර කාන්තාව හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත වැඩි දුර පරීක්ෂණ සදහා බාරදි තිබේ.
රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගුවන්තොටුපළ තුළ මෑතකදී සිදු කරන ලද තුන්වෙනි කොකේන් වැටලීම මෙය බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.