Spread the love

යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවකගේ රුපියල් 3,20000 (තුන්ලක්ෂ විසිදහසක්) පමණ වටිනා ගෙළබැදි පෙන්ඩනය සහිත රන්මාලය යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු බෙලිඅත්ත කහවත්ත මහ විදුහල පසුගියදා (18) උදේ 11.40 ට කොල්ලකා පලා ගොස් තිබේ.

සිද්ධිය වු මොහොතේම කාන්තාව බෙලිඅත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.
අතවරයට පත්වු කාන්තාව මොදරවාන මහ විදුහලේ සේවය කරන බවත් වලස්මුල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට යමින් සිටියදී ඇය පසුපසින් පැමිණි කොල්ලකරු මග හරස් කර රන්මාලය කඩාගෙන නැවත වලස්මුල්ල දෙසට පලාගොස් ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය පිළිබදව පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.