Spread the love


නිමල් රාජපක්ෂ-

වෛද්‍ය, නීතිඥ සහ ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර 14කට අයත් වෘත්තියකයන්ට බදු ගොනු විවෘත කිරීම අද (01) සිට අනිවාර්ය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ඊයේ නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය යටතේ 2024 වසරේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම සිදු කරන බවයි.
එහෙත් වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා බදු ගෙවිය යුතු බවට මෙමගින් තීරණය නොවන බවත්, ඉදිරි සුබසාධන දිමනා පවා මෙම බදු ගොනු අංකය යටතේ ලබා දීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.