Spread the love

රටේ සියලු ජනතාව සුවපත් කිරීමේ වැඩසටහන ජයග්‍රහණය කර දා පටන් ආරම්භ කරන බව සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (18) සවස ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවට එක්වෙමින් පැවසීය.

ධීවර කර්මාන්තය නව මුහුණුවරක් යටතේ ක්‍රියාත්මක කරන බව පැවසීය.

ත්‍රීරෝද රථ,ගොවිජනතාවට,පාසල් ප්‍රවාහන සේවය සහ ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බව පැවසීය.

රූකඩ කර්මාන්තය දියුණු කර සංචාරක කර්මාන්තය ද සංවර්ධනය කරන බව පැවසීය.

දුප්පත්කම තුරන් කිරීම සඳහා වසර දෙකක වැඩපිළිවෙළක් සකස් කරන අතර මසකට රුපියල් 20000 බැගින් දීමනාවක් ලබා දෙන බව පැවසීය.

දැනුම කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කරන බව එහිදී පැවසීය.

නිෂ්පාදනය කර්මාන්ත වැඩසටහන ශක්තිමත් කර රට පුරා කර්මාන්ත ශාලා බිහිකරන බව පැවසීය.

ජාති ආගම් භේදයකින් තොරව සියලු ජනතාව ආරක්ෂා කරන බව වැඩිදුරටත් පැවසීය.