Spread the love

පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක අද (28) උදෑසන 7.30ට පමණ ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් වෙළෙඳ සැලෙහි වූ ක්‍රීඩා භාණ්ඩ රැසක් විනාශ වී ඇති අතර ගින්න පාලනය කිරිමට මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනිරථ පැමිණ මේ වනවිට ගින්න පාලනය කර ඇත.

ගිනි ගැනීමට හේතුව හා ගින්නේ සිදුවු පාඩුව ද ගණනය කර නොමැති බව වාර්තා වේ.

පානදුර දකුණ පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.