Spread the love

දස අවුරුදු සැලැස්මකට අනුව කටයුතු කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට හැකිබව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන පවසයි.

ඒ අනුව තේරීම් කමිටුවේ ඔළුගෙඩි මාරුවකින් පමණක් වෙනසක් නොවන බවත්  ඒ සඳහා අවම වසර 10 ක සැලැස්මක් අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම කණ්ඩායමක නායකයෙක් සාදනවා නම් එම නායකයා අවුරුදු 5 කට හෝ නායකත්වය දැරිය හැකි පුද්ගලයෙක් නායකයා ලෙස තෝරාගත යුතු බවත් දැන් සිදුකළ යුත්තේ 2027 ලෝක කුසලානය සඳහා අවශ්‍ය නායකයා තෝරා ගැනීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ක්‍රිකට්වල ඇත්තේ තාවකාලික පසුබෑමක් නිසා එය අනාගතයේදී නිවැරදි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් සැලැස්මක් අනුව කටයුතු කළහොත් වැඩිකල් යාමට මත්තෙන් ඉදිරියට පැමිණීමට හැකිවනු ඇති බවයි කුමාර් ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළේ