Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත්කළ විශේෂ ඇමති අනුකමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ජාතික කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති ක්‍රීඩකයින් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව සඳහා මේ දිනවල අබුඩාබි ටී ටෙන් ලීග් තරගාවලියට සහභාගි වී සිටින දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවී තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ක්‍රියාවලිය, ක්‍රිකට් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ගෙන් අදහස් ලබාගත් බව වාර්තාවෙයි.

පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින්දෙදෙනකු වන ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ශාරීරික අභ්‍යාස කළමනාකරු ග්‍රාන්ට් ලූඩ්න් යන දෙදෙනා ඉල්ලා අස්වී ඇතැයිද වාර්තාවෙයි

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ එම ඉල්ලා අස්වීම් දෙකම පෞද්ගලික හේතු මත සිදුවූ ඒවා බවය.