Spread the love

කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වල දිනය සකසා නව දිනයන් යටතේ වෙළඳ පොලට නිකුත් කොට තිබූ සිසිල් පැන් බෝතල් 1800 ක් යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බීම බෝතල් වර්ග ගබඩා කෙරෙන යාපනයේ පිහිටි තොග ගබඩාවක දී මෙම ක්‍රියාව සිදුකොට ඇත්තේ.

බීම බෝතලයක් තුළ අසාමාන්‍ය යමක් තිබෙනු දුටු පාරිභෝගිකයෙකු ඒ පිළිබදව යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සිදු කළ පරීක්ෂාවකදී මෙම බීම බෝතල් තොගය හමු වී තිබෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය තොග ගබඩාවේ හිමිකරුට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමටයි යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ඇත්තේ.