Spread the love

කතාවෙන් නොව ක්‍රියාවෙන් කප් එක උස්සන අවුරුදු හතරක ක්‍රමවත් වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කරන්නේ අද ජාතික පුවත්පත්වලත් දැන්වීම් පළ කරමිනි.

ඒ අනුව පියවර 22කින් සමන්විත ක්‍රියාකාරී සැලසුමක් සකස් කරමින් පවතින බවද අදාළ දැන්වීමේ දැක්වේ.

වසර හතරකින් යළි ලෝක ශූරයන් ලෙස කිරුරු පැළඳීමට ස්ථිර ගමනක් අරන්බන්නට සූදානම් බවත් නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.